දෙරණ ජාත්‍යන්තර සරුංගල් සැණකෙළිය හෙට ගාලුමුවදොර පිටියේදී


ටීවී දෙරණ 'ලෝකය සහ ලෝකයෝ' වැඩසටහන මගින් සංවිධානය කරන දෙරණ ජාත්‍යන්තර සරුංගල් සැණකෙළිය මෙවරත් හෙට (20දා) සවස 1.00 සිට ගාලුමුවදොර පිටියේදී පැවැත්වීමට නියමිතව තිබේ.

මෙවර සරුංගල් සැණකෙළියට සමගාමීව තරග අංශ 6ක් ඇතුළත්වේ. කුඩා දරුවන් වෙනුවෙන් අවුරුදු 15න් පහළ තරග අංශයත්, විවෘත තරගකරුවන් වෙනුවෙන් විශාලතම සරුංගලය, කුඩාම සරුංගලය, විචිත්‍රවත්ම සරුංගලය, නිර්මාණශීලීම සරුංගලය හා 'ලෝකය හා ලෝකයෝ' ලාංඡනය යෙදූ නිර්මාණශීලීම සරුංගලය වශයෙන් තරග අංශ ඇතුළත් කර තිබේ.

මෙවර සැණකෙළියට ලක්ෂ 5කට වැඩි සරුංගල් ලෝලීන්ගේ සහභාගීත්වයක් අපේක්ෂා කරන අතර, ඔස්ට්‍රේලියාව, මැලේසියාව, හොංකොං, ප්‍රංශය, මොරොක්කෝව, චෙක් ජනරජය,  දකුණු කොරියාව, ජපානය, චීනය හා පිලිපීනය වැනි රටවල් 10ක පමණ තරගකරුවන් මෙම තරගය සඳහා ඉල්ලුම් කර තිබීම සුවිශේෂී ජයග්‍රහණයක් බව දෙරණ නාළිකාව පවසා සිටී.

ඔබ සැමට මෙම සරුංගල් සැණකෙළියට පැමිණෙන ලෙස දෙරණ නාළිකාව අරාධනා කර සිටී.

Image00002 Image00004 Image00007



Recommended Articles