දකුණු අධිවේගයේ නර්තනයේ යෙදෙමින් රිය ධාවනයට මේනකාට දඩ


දක්ෂිණ අධිවේගයේ නර්තනයේ යෙදෙමින් රිය පැදවූ නිළි මේනකා මධුවන්තිට රැපියල් 5000ක දඩයක් පැනවීමට බණ්ඩාරගම සංචාරක මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

ඇය මාර්ගයේ රිය ධාවනය කරන අතරතුළදී නර්තනයේ යෙදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ ජාල ඔස්සේ ප්‍රචාරය විය. මේ පිළිබඳව ජනපතිට කියන්න යන දුරකතන අංකයට ලැබුණ පැමිණිල්ලක් අනුව විමර්ශන සිදුකර තිබුණි.

 



Recommended Articles