තුර්කි ප්‍රහාරයෙන් දිවි අහිමිවූ ඉන්දීය නිරූපිකාව


 තුර්කියේ, ඉස්තාන්බුල් නුවර සමාජශාලාවක අලුත් අවුරුදු සතුට සමරමින් සිටි 39 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම අවුරුදු උදාවේදී වාර්තා වූ මිලේච්ඡතම සිදුවීමක් වෙනවා. මෙහිදී ජීවිතක්ෂයට පත්වූවන් අතර ඉන්දියානු විලාසිතා නිර්මාණ ශිල්පිනියක වන Khushi Shah යන තරුණියද සිටිනවා.

මෙම සිදුවීම පිළිබඳ විවිධ පුවත් වාර්තා කරන මාධ්‍ය සඳහා ප්‍රතිචාර දක්වමින් බොහෝ පිරිස් සඳහන් කර ඇත්තේ ප්‍රහාරය හේතුවෙන් ඉන්දියානු තරුණියන්ට මරණ බියක් ඇතිවී ඇති බවයි. ඊට අමතරව ඇයගේ මරණය ගැන ඉන්දීය සුපිරි නිළි ශිල්පා ශෙට්ටි සහ ඇගේ සැමියාද ශෝකය පළ කරඇතැයි සඳහන් වෙනවා.

වයස අවුරුදු  20 ක් පිරීමට පෙර විලාසිතා නිර්මාණ ශිල්පිනියක විදිහට බොලිවුඩයේ නමක් දිනූ කුශී, මේ විදිහට මියයෑම ගැන ඉන්දීය විදේශ ඇමතිනි සුෂ්මා ස්වරාජ්ද සිය ශෝකය පළ කර තිබුණා. මේ පිළිබඳ ඉන්දියානු රජය ඇයගේ පවුලට ශෝක පණිවුඩ යවා ඇතැයිද සඳහන් වෙනවා.

khushi_shah_istanbul_atac (1) khushi_shah_istanbul_atac1 khushi_shah_istanbul_atac2 khushi_shah_istanbul_atac3 khushi_shah_istanbul_atac6 khushi_shah_istanbul_atac7 khushi_shah_istanbul_atac8 khushi_shah_istanbul_atac9

 



Recommended Articles