තාත්වික බවින් ඔබිබට ගොස් නිර්මාණ ගෙන එන Alena Suleimanova


කලාව යනු විවිධ පුද්ගලයන් නොයෙකුත් ආකාරයට භාවිත කරන විෂයයකි.  තමන්ට ආවේණික කලාත්මක හැකියාව වෙනස් මානයකින් ලොවට හඳුන්වා දීමට හැකි නම් අගනේය. රුසියානු ජාතික Alena Suleimanova එවැනි කලාකාරිනියකි.
ඇය කලාවට යොමුව ඇත්තේ මීට වසර කිහිපයකට පෙරයි. පාසල් සමයේ විෂයයක් ලෙස සිතුවම්කරණයේ යෙදී සිටියද තමන් පාසල් කාලයෙන් පසු කලාව පිළිබඳ එතරම් උනන්දුවක් නොදැක්වූ බව ඇලීනා පවසයි. ඇය බොහෝ ලෙස ළැදිව සිටියේ විලාසිතා නිර්මාණකරණය පිළිබඳ හැදෑරීමටය. කාලයත් සමග මේ කාරණාව ඇයගෙන් ගිලිහී ගියද පාසල් කාලයේ සිට ලැබූ අධ්‍යාපනය ඔස්සේ ඇය වෘත්තියක යෙදීමට තීරණය කළාය. ඒ අනුව ඇය සිතුවම් කලාව පිළිබඳ නැවත සිතන්නීය. %ඔයිල් පේන්ට්^ කලාව පිළිබඳ වැඩිදුර හදාරන ඇලීනා ඒ ඔස්සේ තමන්ගේ කලාගාරයක් ආරම්භ කරයි. 

ඇය චිත්‍ර ශිල්පිනියකි. නමුත් ඇගේ චිත්‍ර තාත්ත්වික බවින් එහා ගිය හැඩයක් පෙන්නුම් කරයි. කැන්වස් මත සිතුවම් කරන ඇය බොහෝ සෙයින් ගනුදෙනු කරන්නේ ජලය මූලික වන නිර්මාණ සමගිනි.  
ඇය මූලිකව චිත්‍ර ශිල්පය පිළිබඳ අධ්‍යාපනය ලබා ඇත්තේ බැටස් විද්‍යාලයේය. එහිදී අවුරුදු දෙකක කාලයක් එම කලාව පිළිබඳ හදාරා චිකාගෝහි School of the Art Institute යන විද්‍යාලය සඳහා මාරුවීමක් ලබා ගෙන ඇති ඇලීනා, එම පාසල තුළ Fine Arts කලාව  හැදෑරු පළමු සිසුවිය ලෙසද හඳුන්වයි. 

සමාජ මාධ්‍ය ඔස්සේ තම නිර්මාණ ප්‍රදර්ශනය කරන Alena Suleimanova මේ වනවිට ජනප්‍රියත්වයට පත් චිත්‍ර ශිල්පිනියක් වී හමාරය.

86c7f07cabe8988f05a4c78edf1223ce 359abefee12ed789cc9f683cb2540a0a 12627820_1726311437601788_1742596781_n 18513752_1248515968591661_7506672092520120320_n 22639589_699541230242367_8718355200777125888_n

 

 

 

 

 



Recommended Articles