ජෝන් ඒබ්‍රහම්ගේ නව පෙම්වතිය


තෙළිඟු සහ දමිළ චිත්‍රපට නිළි ශාක්ෂි චෞද්‍රි පිළිබඳව මේ දිනවල බොහෝ කතාබහට ලක්ව තිබේ.  එයට හේතු වී ඇත්තේ ජෝන් ඒබ්‍රහම් රංගනයෙන් දායක වන Hera Pheri3 චිත්‍රපටය සඳහා ඇය තෝරාගෙන ඇති බවට මාධ්‍ය වාර්තා පළවීමයි. ඊට අමතරව මේ වසරේදී ඇයට තවත් දමිළ චිත්‍රපටයක් සඳහා රංගන වරම් හිමිව තිබේ. 

ඇය හින්දි සිනමාවට දායක වීමත් සමග ඇගේ ඉල්ලුම ඉතාමත් ඉහළ ගිය බවද සඳහන් වෙයි. ශාක්ෂි Hera Pheri3 චිත්‍රපටය සඳහා නිර්දේශ කර ඇත්තේ අභිෂේක් බච්චන් යැයිද පැවසෙන අතර, ඔහුද මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායක වෙයි.

main

 

24 වැනි වියේ පසුවන ශාක්ෂි චෞද්‍රි තම වීරයා ලෙස සලකන්නේ බොලිවුඩ් නළු ජෝන් එබ්‍රහම්ය. ඒ නිසාම ඔහු සමග ප්‍රධාන චරිතයකට රංගනයෙන් දායක වීමට වරම් හිමිවීම තමන්ට තවමත් අදහාගත නොහැකි සිදුවීමක් බව ඇය පවසයි. එම චිත්‍රපටයේ රූගත කිරීම් තවමත් ආරම්භ කර නොමැති අතර, එය මෙම මාසයේ ආරම්භ වීමට නියමිතය. 

මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත සඳහන් කරමින් ඇය කියා තිබුණේ, "මම කවදාකවත් හිතුවෙ නැහැ මෙවැනි ක්ෂේත්‍රයකට ඇතුළත්වීමට අවස්ථාව ලැබෙයි කියලා. Gladrags Megamodel තරගයෙන් ජයග්‍රහණය කරලා මේ පැමිණි දුර ගැන තවමත් සිතාගැනීමට නොහැකියි" යනුවෙනි. 

Sakshi-Chowdary--(14)418

 

2015 වර්ෂයේදී තිරගත වූ 'James Bond' තෙළිඟු චිත්‍රපටය නිසා අතිශය ජනප්‍රියත්වට පත්වූ ඇගේ පළමු චිත්‍රපටය වූයේ 2013 වර්ෂයේ තිරගත වූ 'Potugadu' තෙළිඟු චිත්‍රපටයයි. 2013 වර්ෂයේදී නිරූපණ තරගයක් ඔස්සේ සිනමා ක්ෂේත්‍රයට පිවිසි ඇය මේ වනවිට එම චිත්‍රපට දෙකෙහි පමණක් රංගනයෙන් දායක වී ඇත. 

Actress-Sakshi-Chowdary-(5)2001

Sakshi-Chaudhary-in-James-Bond-movie-(7)3961 Sakshi-Chaudhary-in-yellow-dress-july-2015-stills-(6)1864 Sakshi-Chaudhary-in-yellow-dress-july-2015-stills-(9)6909 Sakshi-Choudhary-at-James-Bond-Movie-Press-Meet-(14)5221 Sakshi-Choudhary-at-James-Bond-Movie-Press-Meet-(15)2523

 

 



Recommended Articles