ජූඩ් ශ්‍රීමාල් සංවිධාන කරන නාට්‍ය උලෙළක් එළඹෙන 08, 09 හා 10 තෙදින ලයනල් වෙන්ඩ්ට් හිදී


ප්‍රවීණ නාට්‍ය සංවිධායක ජූඩ් ශ්‍රීමාල් සංවිධානය කරන නාට්‍ය ත්‍රිත්වයක් මේ මස 08,09 සහ 10 තෙදින කොළඹ 7, ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී වේදිකා ගත කිරීමට නියමිතව තිබේ.

ඒ අනුව  අජිත් මෙන්ඩිස් අධ්‍යක්ෂණය කරන 'අලුත් හොරෙක් ඕනෑ' සැප්තැම්බර් 08 වැනිදා ප.ව 7.00ටද, නාලක ස්වර්ණතිලකගේ 'පොත් ගුල්ලී' සැප්තැම්බර් 09 වැනිදා ප.ව 3.30ට සහ 7.00ටද,  ජයන්ත චන්ද්‍රසිරි විසින් නිර්මාණය කරන ලද 'හංකිති දහතුන' සැප්තැම්බර් 10වැනිදා ප.ව 3.30ට සහ 7.00ටද වේදිකා ගත කෙරේ.

මේ නාට්‍ය උලෙළේ සුවිශේෂිත්වයක් වන්නේ ජයන්ත චන්ද්‍රසිරි විසින් නිර්මාණය කරන ලද 'හංකිති දහතුන' වේදිකා නාට්‍ය‘යේ 100 වන අභිමානවත් දැක්මද සැප්තැම්බර් 10දා දර්ශනවාරයේදී සපිරීමයි.

6ABD785A F81E3178 පොත්ගුල්ල



Recommended Articles