කෝටි 100 කට අධික අදායම් ලබාදෙමින් බොක්ස් ඔෆිස් වාර්තා අතරට තමන් පෙනී සිටි චිත්‍රපට රැගෙන යාමේ තරගය ආරම්භ කරන්නට ෂාරුක් ඛාන්, අමීර් ඛාන් හා සල්මාන් ඛාන් යන බොලිවුඩයේ සුපිරි නළුවන් 2014 වර්ෂයේ මුල සිටම සූදානම්ව ඇති බව වාර්තා වෙනවා. එහි පළමු වෙඩිමුරය ජනවාරි මස 24 වැනි දිනයේදී සල්මාන් ඛාන් රඟන ‘Jai Ho’ චිත්‍රපටයෙන් නිකුත් වෙනු ඇතැයි ඉන්දීය සිනමා විචාරකයන් වාර්තා කරන්නේ.
මේ වනවිට බොක්ස් ඔෆිස් වාර්තා බිඳදමමින් තිරගත වන Dhoom 3 චිත්‍රපටයට අමතරව අමීර් ඛාන් රඟන ‘PK’ චිත්‍රපටයද ජූනි මස 06 වැනි දින තිරගතවීමට නියමිතයි.ඛාන්වරුන්ගේ සටනට දැඩි පීඩනයක් එල්ල කරන සටන්කාමියා වන කිංඛාන්, නැත්නම් ෂාරුක් ඛාන් 2014 වර්ෂය ආරම්භ කළේම එහි උණුසුම සිය රසිකයන්ට ලබාදෙමින්. ඒ ෆාරා ඛාන්ගේ Happy new Year චිත්‍රපටයේ ප්‍රචාරක එළිදැක්වීම හරහායි.
Chinnai Express චිත්‍රපටය හරහා 2013 වර්ෂය සාර්ථක කරගත් ෂාරුක්, යෂ් රාජ් චිත්‍රපට හරහා ‘Fan’ තුළින් රසිකයන් හමුවීමටත් නියමිතයි.ඛාන්වරුන් තිදෙනා මෙලෙස චිත්‍රපටවලින් සටන් වදිද්දී ඔවුන් තිදෙනාටම අභියෝග කරන්නට රන්බීර් කපූර්, රන්වීර් සිං, සුෂාන්ත් සිං, රාජපුත් යන නවක නළුවනුත් සැරසී සිටින බව අමතක නොකළ යුතුයි.