ක්‍රීඩා ඇමතිට සල්ලි නැතිලු


(VIDEO) නුවරඑළිය තුරග තරගාවලියේ නිමාව ඊයේ (23දා) සිදුවිය. ඒ සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාද එක්ව සිටියේය. එහිදී ඔහු ගීත තුනක් ගායනා කළ අතර ඒ අතරින් එක් සිංදුවක් වූයේ ‘සල්ලි නැතේ මට විස්කි නැතේ. බඹර වගේ ඇත තවම විසේ’ ගීතයයි.

එම ගීතය ගායනට පෙරාතුව ක්‍රීඩා ඇමති මෙසේද කීවේය.

“මේක  මගේ ආසම සිංදුවක්. මේක මම පසුගිය වයඹ පළාත් සභා මැතිවරණයේදීත් ගායනය කළා.  මට ඒ ඡන්ද ව්‍යාපාරයට වියදම් කරන්න සල්ලි තිබුණේ නෑ. නමුත් මිලියනපතියන් හා බිලියනපතියන් වියදම් කරන්න හිටියා. මම කිව්වේ ‘මට සල්ලි නැතේ, විස්කි නැතේ’ කියලා"



Recommended Articles