ක්‍රිකට් පිටියෙන් සමුගැනීම සඳහා තවත් එක් ජාත්‍යන්තර තරගයක් පමණක් ඉතිරිව ඇති තිලකරත්න ඩිල්ෂාන් ගායකයෙකු ලෙසින් මේ වන විට කරළියට පැමිණ තිබෙනවා. ඔහුගේ බිරිඳ වන මංජුලා තිළිණි සමග ඩිල්ෂාන් යුග ගීතයක් ගායනා කර තිබෙනවා. හැම සංසාරයේ නමින් මෙම ගීතය නම් කර ඇති අතර හිරු ටීවී තුළින් එය එළිදක්වා තිබෙනවා.පසුගිය 4 දා යූ ටියුබ් සමාජජාල වෙබ් අඩවියට එක් කොට ඇති මෙම ගීතය 125000ට අධික පිරිසක් මේ වන විට නරඹා තිබෙනවා.