කලාවට වටිනාකමක් නියම කරන Jojoes Art


කලාකරුවෙකුට ඇති දක්ෂතාව තුළ යමකුගේ ලෝකයක් විදහා පෑමට හැකියාව තිබේ. කලාව ජීවිතය මෙන්ම ජීවනෝපාය කලාව කරගත් අයද අද වන විට බොහෝසෙයින් සිටී. තමන්ගේ රැකියාව විනෝදාංශය වූ කල කිසිදු වෙහෙස මහන්සියකින් තොරව රැකියාව කිරීමට හැකියාව ලැබෙනු ඇත. එහෙයින් රැකියාවටද සාධාරණයක් ඉෂ්ට කිරීමට ඔහුට හෝ ඇයට හැකියාව ලැබෙනු ඇත. මෙවර අප කලාකරුවන්ගේ ලිපියෙන් ගෙනු ලබන්නේ එවැනි කලාකරුවෙකු පිළිබඳවයි. ඔහු නමින් Jojoes වනු අතර, ඔහුව බොහෝදෙනා හඳුනන්නේ Jojoes Art ලෙසයි.

කාලීන වූ සිතුවම් කලාවට එහා ගිය විවිධ වූ නිර්මාණ රටාවක් ඔහු සතුව ඇත. ඔහු විශේෂයෙන්ම ඇල්මක් දක්වනු ලබන්නේ සත්ත්ව රූප නිර්මාණය සඳහායි. කුඩා කාලයේ සිට විවිධ වර්ණ භාවිතය මගින් චිත්‍ර ශිල්පය සඳහා වැඩි යමක් එකතු කිරීමට ඔහු ඉතාමත් දස්කම් දැක්වූ බව සඳහන් වෙයි.

පාසල් ගමන අවසන් වූ පසුව ඔහු සිතුවම් නිර්මාණය පිළිබඳව හැදෑරීමට Visual Arts පිළිබඳව පාඨමාලාවක් හදාරා ඇත. ඉන්පසු වෙළෙඳ දැන්වීම් නිර්මාණය කරන ආයතනයක තාවකාලිකව රැකියාවක් සිදුකර ඇත. නමුත් එම රැකියා ජීවිතය තමන්ට අසීරු බැවින් ඔහු එම රැකියාවෙන් ඉවත්ව තමන්ගේ නිර්මාණයන් සඳහා යොමුව තිබේ. ඉන්පසු ඔහු තම නිර්මාණයන් විවිධ වෙබ් අඩවි ඔස්සේ අලෙවි කිරීම සඳහා යොමුකර තිබේ.

මෙම සිතුවම් නිර්මාණය තුළින් දියුණු වීමත් සමගින් තමන්ගේම නිර්මාණ යොදාගනිමින් වෙබ් අඩවියක් සාදාගන්නා ලදී. ඉන්පසු ඔහු විසින් නොමිලේ තම නිර්මාණයන් එහි පළකරනු ලැබූ බව සඳහන් වෙයි.

Jojoes Art විසින් තමන්ගේ නිර්මාණ ශක්තිය සහ කලාත්මක අදහස් ඉතාමත් අධික මිලකට අලෙවි කරනු ලබයි. ඒ සඳහා ඔහු පවසන්නේ, යම් ආයතනයක් විසින් නිර්මාණයක් අලෙවිකර ලාභ ලබන්නේ නම්, ආයතනය සේම එහි අයිති කලාකරුවාද ලාභ ලැබිය යුතු බවයි. එම කාරණාව හේතුවෙන් ඔහුගේ කුඩා නිර්මාණයක් ඇමෙරිකානු ඩොලර් 100ක් වැනි මුදලක සිට ඉහළට අලෙවි වන ඇත.

නිර්මාණ හැකියාවත් සමගින් ලොව ජයගත් පුද්ගලයෙකු ලෙස මොහුව හැඳින්වූවාට කිසිදු වරදක් නොමැත. තමන්ට ඇති හැකියාවට වටිනාකමක් දෙමින් තමන් විසින් ඉතාමත් ආදරයෙන් කරනු ලබන නිර්මාණ අලෙවි කිරීමෙන් තමන්ට ඇති වටිනාකම තව තවත් ඔහු විසින් වැඩිදියුණු කරගනු ලබයි.

12829068_429829607187301_2183699279064500064_o 14424868_521440108026250_8027844607860900817_o 16722516_593309800839280_7417002233564490314_o wanderer____youtube_process_video__by_jojoesart-da5p87h14192641_510625722441022_9052971343987509548_n 15740959_569913726512221_7449622380081069489_n 17021504_601089743394619_6098422608573776416_n seasons_change_by_jojoesart-dabxj8i



Recommended Articles