ඕෂධීට ජයග්‍රහණ දෙකක්


වෙළෙඳ දැන්වීම් හා ගීත රූප රචනා බොහෝමයක් හරහා ඔබ හඳුනාගත් ඕෂධී හිමාෂා ශ්‍රී ලංකාවට නිරූපණය තුළින් විශාල ජයග්‍රහයණයක් ලබාදී ඇත.  ඒ තුර්කියේ පැවැති 'ෆියුචර් ෆැෂන් ෆේස් ඔෆ් ද වර්ල්ඩ්' තරගාවලියේ පැජන්ට් ද්විත්වයක්ද දිනාගැනීමෙනි. වෘත්තීය මට්ටමේ මෝස්තර නිරූපිකාවක වන ඇය ඉදිරියේදී සිනමා රංගනයට පිවිසීමේ සූදානමකින් පසුවන්නීය. ඒ පිළිබඳව හා ඉදිරි කලා කටයුතු පිළිබඳව අපි ඕෂධීගෙන් මෙසේ තොරතුරු විමසුවෙමු.

12990925_1009734885787025_9199491694888932285_n

 

Q පසුගිය දවස්වල ලංකාවෙ හිටියෙ නැහැ නේද?

ඔව්, පසුගිය දවස්වල පැජන්ට් එකක් සඳහා පිටරට ගියා. ලංකාව නියෝජනය කරමින් පැජන්ට් එකකට සහභාගී වුණා. පැජන්ට් එක ඇවිල්ලා 'ෆියුචර් ෆැෂන් ෆෙස් ඔෆ් ද වර්ල්ඩ්' 2016. තුර්කියේ අනටාල්යාවල   තමයි එය පැවැත්වුණේ. ඒක වර්ල්ඩ් පැජන්ට් එකක්. ඒ දේත් එක්ක පහුගිය දවස් ටිකේ ටිකක් කාර්යබහුල වුණා.

12891735_996001873826993_4540031622406644553_o

 

Q 'ෆියුචර් ෆැෂන් ෆෙස් ඔෆ් ද වර්ල්ඩ්' පැජන්ට් එක ගැන කතා කළොත්?

ඒ සඳහා ලංකාව නියෝජනය කරමින් මම සහ තව තරුණයන් දෙදෙනෙක් ගියා. පැජන්ට් එකෙන් මම ලංකාවට ටයිටල් දෙකක් ගෙනාවා. ඒ තමයි, Best Model of the Asia සහ Best Tourism Model යන ටයිටල් දෙක. ඒ දෙකේ ජයග්‍රහණය මට හිමිවුණා. 

12998452_1009735105787003_4960600455946357857_n

 

Q එවැනි ජයක් තම රටට ලබාදීමට හැකියාව ලැබීම පිළිබඳව ඔබේ හැඟීම?

ඇත්තටම කිව්වොත් මට මං ගැනම ආඩම්බරයි. ඒ පිළිබඳව ගොඩාක් සතුටු වෙනවා. ඇත්තටම මට මේ පැජන්ට් එකට යන්න ගොඩාක් බාධක ආවා. මට හිතුවෙ නැති වෙලාවක ජයග්‍රහණයක් ලැබුණේ. නමුත් අධිෂ්ඨානයක් තිබුණා. කවදාකවත් මම හිතුවෙ නැහැ ටයිට්ල් දෙකක් ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයි කියලා. මම ආඩම්බර වෙනවා එවැනි ජයග්‍රහණ දෙකක් ලංකාවට ගෙන ඒමට හැකියාව ලැබීම පිළිබඳව.

12719486_994968603930320_2884616772221003606_o

Q ඔබ කිව්ව ඒ බාධා මොනවාද?

පැජන්ට් එකට යන්න ලංකාවෙන් මට වීසා ලැබුණෙ නැති එක තමයි සිදුවුණු ලොකුම බාධකය. ලංකාව නියෝජනය කරලා පැජන්ට් එකට යන්න මාස එකහමාරට කලින් තමයි වීසා එකට ඉල්ලුම් කළේ. නමුත් මට වීසා එක ලැබුණේ පැජන්ට් එකට යන්න තියෙන ගුවන් යානයට පැය දෙකක් තියෙද්දියි. මට මේ තරගයට යන්න පුළුවන් වෙයිද කියලවත් විශ්වාසයක් තිබුණේ නැහැ. ඒනිසා ගොඩක් අතපසු වීම් වුණා සහ මම ඒ වේලාවෙ කලබල වුණා. මොකද මට වීසා ලැබුණේ ගුවන් යානයට පැය 02 ක කාලයක් තියෙද්දියි. විශේෂයෙන් මගේ හැන්ඩ් ලැ‍ගේජය පවා දාලා ගියා.

12998646_1009734739120373_7494843771846662878_n

 

Q ලංකාවට ගරුත්වයක් ලබාදීමට උත්සාහ කරද්දී ලංකාව තුළින් ඔබට දායකත්වයක් ලබාදුන්නේ නැද්ද?

ක්‍ෂේත්‍රයේ ඉන්න අයගෙන් දායකත්වයක් ලැබුණා. විශේෂයෙන්ම කියන්න ඕන ලංකාවෙන් මට අන්තිම වෙන මොහොතක වෙනකම් වීසා එක නම් ලැබුණේ නැහැ මම දන්නෙ නෑ ඒකට හේතුව මොකද්ද කියලා. අපි ලංකාව නියෝජනය කරන්න ගියේ, ලංකාවට ගරුත්වයක් ලබාදෙන්න උත්සාහ කරද්දී ඒ අයට වගකීමක් තියෙන්න ඕනේ. 

12829411_989495091144338_1010340235504471978_o

 

Q අවුරුදු හතරක කාලයක් ක්‍ෂේත්‍රය තුළ රැඳී සිටින ඔබට ප්‍රවීණයන් ලැබෙන සහාය ගැන කතා කළොත්? 

ක්‍ෂේත්‍ර‘යේ මම හඳුනන ප්‍රවීණයන් ගොඩදෙනෙක් ඉන්නවා. ඒ අයගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. මොකද මම මිත්‍රශීලී සහ සරල කෙනෙක්. මම වැඩ කරන්න ගියාම ඉක්මනින් ඒ අයත් සමග සුහද වෙනවා. ඒ අයගෙන් ලැබෙන්න ඕන සහයෝගය මට හැම තැනදීම ලැබිලා තියෙනවා. 

13010717_1009735072453673_7727965482488116329_n

 

Q නිරූපණ ක්‍ෂේත්‍රය පිළිබඳව ගොඩක්දෙනා බලන්නේ වපර ඇසින්. ඒ ගැන ඔබ දකින්නේ කොහොමද?

ඒකට වගකියන්න ඕන අපේ ක්‍ෂේත්‍ර‘යේ නියැළිලා ඉන්න සමහර අය. ඒ තැන, ඒ බලන විදිහ හදාගෙන තියෙන්නෙ අපේ ක්‍ෂේත්‍ර‘යේ ඉන්න සමහර අය විසින්. එක එක මිනිසුන් හිතන විධි තිබෙනවා. අපිට ඒවා වෙනස් කරන්න බෑ. නිරූපිකාවක් විදිහට තමන්ගේ ගමන පිළිබඳව තමන් දැනගන්න ඕන. ක්ෂේත්‍ර‘යේ අපිට යන්න පුළුවන් පැති 02 ක් තියෙනවා. ඒ හොඳ පැත්තට හෝ නරක පැත්තට. ඉතින් තමන් දැනගෙන තමන්ගේ ගමන යන්න ඕන ඉස්සරට. මිනිස්සු කියන දේවල් අපිට නවත්වන්න බෑ. නමුත් ඒ අය කියන ඇතැම් දේවල් ගැන අපේ අය වගකියන්න ඕන. ලංකා‍ෙව සංස්කෘතියත් එක්ක නිරූපිකාවක් දිහා බලන විදිහ වෙනස්. 

12990896_1009734602453720_2058934945991551383_n

12909439_997925543634626_7598876855528252011_o 12936763_1009734679120379_2420565441651731657_n

 


 



Recommended Articles