ඇමෙරිකාව ජයගත් ශ්‍රී ලාංකිකයන් දිවයිනට


ඇමෙරිකාවේ  සී.බී.එස්.  රූපවාහිනී නාලිකාවේ විකාශය වූ ‘සර්වයිවර්’  රියලිටි තරගාවලියට  සහභාගී වී එහි කිරුළ හිමි කරගනිමින්  ඇමරිකානු ඩොලර් මිලියනයක් (රුපියල් කෝටි 13 ක්) හිමිකරගත් ශ‍්‍රී ලාංකික යුවතිය වු නටාලි ඇන්ඩර්සන් සහ ඇගේ නිවුන් සොයුරිය නාදියා ඇන්ඩර්සන් අද (28දා) අලුයම දිවයිනට පැමිණියහ.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල පැමිණීමේ  පර්යන්තයේදී ඔවුන්ව උණුසුම් අයුරින් පිළිගැණිනි. නටාලි ඇන්ඩර්සන් සහ නාදියා ඇන්ඩර්සන් නම් වු මෙම ශ‍්‍රී ලංකික නිවුන් සහෝදරියන් දෙදෙනාම මෙම රියලිටි තරගයට ඉදිරිපත් වු  අතර නාඩියාට තරගාවලියේ මල් අවස්ථාවේදීම ඉන් ඉවත්වීමට සිදු විය.  එහෙත්  දින 39 තිස්සේ විවධ අභියෝග වලට සාර්ථකව මුහුණ දෙමින් එම රියලිටි තරගය  ජයගැනීමට නටාලි ඇන්ඩර්සන්ට හැකිවුණි.

 



Recommended Articles