අවුරුද්දක පොත් අස්වැන්නේ කතුවර මංගල්‍යය


ඇම්.ඩී. ගුණසේන සමාගම විසින් 2015 වර්ෂයේ අගෝස්තු මස සිට මේ දක්වා ප්‍රකාශනය කළ කෘති78 ක කර්තෘවරුන් සම්මානයට පාත්‍ර කිරීම සඳහා සංවිධානය කළ සාහිත්‍ය ලස්සනයි අවුරුද්දක පොත් අස්වැන්නේ කතුවර මංගල්‍යය පසුගියදා පැවැත්විණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සම්මාන උලෙළේදී කර්තෘවරු තිස් දෙදෙනෙක් සම්මානයට පාත්‍ර වූහ.

මහාචාර්ය පූජ්‍ය උතුරාවල ධම්මරතන හිමි, පූජ්‍ය පොරවගම නාලක හිමි, පූජ්‍ය බොරැල්ලේ කෝවිද හිමි, සිබිල් වෙත්තසිංහ, මහාචාර්ය කුසුමා කරුණාරත්න, මහාචාර්ය කුලතිලක කුමාරසිංහ, ආචාර්ය පියසේන රතුවිතාන, පර්සි ජයමාන්න,ශ්‍රියා රත්නකාර, වෛද්‍යාචාර්ය ආර්.එච්. විලියම්, වෛද්‍ය චාමරී ලෝචනා වීරරත්න, දයා ද අල්විස්, ජයසිරි කොස්පැලවත්ත, හිඟුල්වල දිසානායක, විශාරද එඩ්වඩ් ජයකොඩි හා විශාරද චරිතා පීරිස් දෙපළ, ශ්‍යාම් එස්. දිසානායක, විල්සන් කැකුලන්දල, කථිකාචාර්ය  නොයෙල් දසනායක, රෝහිණී අලහකෝන්, රෝහන් පියරත්න, ලිලියන් සෝමලතාරත්නායක, චාමර සංජීව, රුචිරා සුරංගි ද අල්විස්, කල්ප එරන්ද,කථිකාචාර්ය සත්සර ඉලංගසිංහ, පුෂ්පා රම්‍යානි සොයිසා, සුමිත් රුවන් සිල්වා හා ඉෂානි මධුසංඛා ද සිල්වා,  පංචාලි ඇල්ලේපොළ හා චේතනා ඇල්ලේපොළ, නිරංජන් චාමින්ද කරුණාතිලක යන අය මෙලෙස සම්මානයට පාත්‍ර වූහ.

ඡායා - ඉසුරු පෙරේරා

 

AID_4798 AID_4809 AID_4812 AID_4824 AID_4827 AID_4836 AID_4839 AID_4845 AID_4851 AID_4853 AID_4862 AID_4871 AID_4887 AID_4888 AID_4894 AID_4899 AID_4905 AID_4917



Recommended Articles