අමෙරිකාවේ යූනියන් බැංකුවේ දෙවැනියාගේ නොදුටු පැත්තක්


පුරා තිස් හතර වසරක් ඇමෙරිකාවේ වෙසෙමින් යූනියන් බැංකුවේ දෙවැනියා ලෙසින් කටයුතු කරන අතරතුර  විනෝදාංශයක් ලෙස පටන්ගත් ඡායාරූප ශිල්පය වෘත්තීමය ඉසව්වක් කරා ගෙන ගිය නිර්මාණකරුවෙකු ලෙස ඇන්ඩි සමරසේන පෙන්වාදිය හැකිය. එතෙකින් නොනැවතී අද වන විට චිත්‍රපට නිෂ්පාදනයටද සම්බන්ධ වූ ඔහු සමගිනුයි 'අද' කතාබහ.

  Shooting Sihina Lowak Soyaa  

නිර්මාණකරණයට පිවිසුම

1982 පාසල් කටයුතු අවසන් වෙලා ඇමෙරිකාවට ගියා ඉගෙන ගන්න. එහි අධ්‍යාපනය හදාරලා union bank හි නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කරනවා. ඒ අතරේ මගේ විනෝදාංශය තමයි ඡායාරූප ශිල්පය. මම දැන් අවුරුදු 17 ක් පමණ ඡායාරූප ශිල්පීය කටයුතුවල නිරත වී සිටිනවා. බොහෝ වෙලාවට අපි ලංකාවේ මොකක් හරි උත්සවයක් තියෙනකොට බොහෝ වෙලාවට මම තමයි ඡායාරූප ගන්නෙ. මෙයට සිංහල අයත් කිහිපදෙනෙක් සම්බන්ධ කරගෙනයි මේ කටයුත්ත සිදුකරන්නෙ.

ඊට අමතරව හොලිවුඩ් නළුවන් මෝගන් ෆ්‍රීමන්, මයිකල් බෝල්ටන් ආදී පිරිසකගේ ඡායාරූප රැගෙන තිබෙනවා. මෙය කරල තිබෙන නිසා, කීත් රංග නමැති මගේ මිතුරා රෝයි ද සිල්වාගේ චිත්‍රපටවල රඟපා තිබෙන නිසා ඔහු යෝජනා කළා ඔයා කැමතිද චිත්‍රපටයක් කරන්න කියා. මම කිව්වා කරල බලමු කියා. එනිසාම මම නිෂ්පාදනයට පිවිසියා. ඒ රෝයි ද සිල්වාගේ 'සිහින ලොවක් සොයා'  චිත්‍රපටය සමගින්. ඔහුගේ 38 වැනි අධ්‍යක්ෂණය. මෙය තමයි මෑතකාලීනව කළ නිර්මාණය.

ඇමෙරිකාවේදී මාධ්‍ය දර්ශනයක් පැවැත්වුවා. එයට බොහෝ ප්‍රතිචාර තිබුණා. අගෝස්තු මාසෙදි එය ලංකාවේදී එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා. එයට අමතරව රෝයි ද සිල්වාගේ දෙවැනි නිර්මාණයටත්, කීත් රංගගේ හා චන්න ඔබේසේකරගේ නිෂ්පාදනයෙන් එන 'ටොම් පචයෝ' චිත්‍රපටයටත් සහාය නිෂ්පාදනයෙන් දායක වුණා. 

With Hollywood Actor Morgan Freeman

ඡායාරූපයේ කලාත්මක භාවිතාව

ඇත්තටම මම ඡායාරූප ගන්න කාලෙ ඩිජිටල් පැත්ත ගැන වැඩි අවධානයක තිබුණෙ නෑ. තාක්ෂණය අද ගොඩක් දියුණු වෙලා තිබෙනවා. එනිසා අපි වෘත්තීය ඡායාරූප ශිල්පියෙක් හැටියට කළ යුතු දේවල් දන්නවා. ඕනම කෙනෙකුට ඡායාරූපයක් ගන්න පුළුවන්, නමුත් වෙනස තමයි ඡායාරූපයේ (snap shot) එකක් ගන්නවා වගේ නෙවෙයි. 'එක් ඡායාරූපයක් වචන දහසක් වටී' යන කියමනක් තිබෙනවනෙ. අන්න එය තමයි වෘත්තීය ඡායාරූප ශිල්පියෙක් විදියට පෙන්නන්න උත්සාහ ගන්නෙ. තාක්ෂණයෙන් එය බොහෝදුරට දියුණු කරලයි තිබෙන්නෙ. ආලෝකකරණය ගැන සලකා බලා කලාත්මක භාවිතාවක් ලෙසින් එය ඉදිරිපත් කළ යුතුයි.

මම දැනට මංගල ඡායාරූපකරණය සිය ගණනක් සිදුකර තිබෙනවා. මීට අමතරව ලතා වල්පොළ මහත්මියගේ පුත් චමින්ද වල්පොළ මහතාගේ ප්‍රසංගය වීඩියෝ කරන්නෙත් මා විසිනුයි. ඊට අමතරව 'රිදී රැයක්' පිරිස සහභාගි කරගෙන ප්‍රසංගයක් පැවැත්වෙනවා. එහි වීඩියෝ කරන්නෙත් මමයි.

දුරුකරනා ආතතිය

මම බොහෝදුරට කාර්යබහුල පුද්ගලයෙක්. එවැනි වගකීමක් සහිත රැකියාවක් කරනකොට අපිට මානසික තෘප්තියක් තිබිය යුතුයි. මම මගේ ආතතිය දුරුකරගන්න තෝරගත්තේ ඡායාරූප ශිල්පය. එය දැන් ව්‍යාපාරයක් විදියට දියුණු වෙලා මගේ ස්ටුඩියෝවකුත් තිබෙනවා. විදෙස් රටවල ලංකාවෙ වගේ නැකැත් බලලා නෙවෙයිනෙ වෙඩින් ගන්නෙ. ඇමරිකාවේ මංගලෝත්සව තිබෙන්නෙ සති අන්තයේ. එනිසා ඒ කටයුතු සති අන්තයේ තමයි සිදුකෙරෙන්නෙ. 

රැකගන්නා හෙළ සංස්කෘතිය

'සිහින ලොවක්' කියන්නෙ ප්‍රථම වතාවට ඇමෙරිකාවේ කෙරුණු නිෂ්පාදනය. මීට පෙර කිසි කෙනෙක් සිංහල චිත්‍රපටයක් නිෂ්පාදනය කරල තිබුණෙ නෑ. මම දැනට ඇමෙරිකාවට ගිහින් අවුරුදු 34 ක් වෙනවා. අපිට හොඳට සිංහල කතාකරන්න පුළුවන්. මගේ ළමයි දෙන්නටත් සිංහල කතාකරන්න පුළුවන්. නමුත් අපි දැකල තිබෙනවා සමහරුන්ට අවුරුද්දෙන් දෙකෙන් අපේ සංස්කෘතිය වගේම භාෂාවත් අමතක වෙනවා. මම බලාපොරොත්තු වෙන්නෙ අපේ සංස්කෘතිය ඊළඟ පරම්පරාවට දායාදයක් හැටියට දෙන්න. අපේ චිත්‍රපටයට ඇමෙරිකාවේ ඉන්න අය තමයි දායක කරගත්තෙ. ලංකාවෙන් ගිය සුමනා අමරසිංහ, ක්ලීටස් මෙන්ඩිස්, රෝයි ද සිල්වා, අනර්කලී ආකර්ෂා, මහේෂි මධුසංකා යන අය තමයි මෙයට සම්බන්ධ වුණේ. ඇමෙරිකාවේ ඉන්න දක්ෂ පිරිස් මෙයට සම්බන්ධ වෙලා බොහොම උනන්දුවෙන් මෙම කටයුත්ත සිදුකළා. එමෙන්ම ඉදිරියේදී තුන්වැනි චිත්‍රපටයත් කරන්න සැලසුම් කරගෙන යනවා. අපි හිතනවා මෙය තවදුරටත් කරගෙන යන්න පුළුවන් කියා. 

Andy Samarasena CameraWith Hollywood actor Edward OlmosAndy'Samarasena

 



Recommended Articles