හොඳ මිලකට ගොවීන්ගෙන්ම අල මිලදී ගන්න සතොස සූදානම්


දේශීය අල ගොවීන්ගේ අස්වැන්න සාධාරණ මිලකට සතොස හරහා මිලදී ගැනීමට පියවර ගෙන ඇති බව අද (5දා) රැස් වූ ජීවන වියදම් කමිටුව තීරණය කළ බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව ලංකා සතොස මිලදී ගැනීමේ නිලධාරීන් අල ගොවීන් වෙතම ‍ගොස් අල කිලෝවක් රු.90.00 බැගින් ද, අල ගොවීන් විසින් ලංකා සතොස වෙත ගෙනවිත් දෙන අල කිලෝවක් රු.100.00 බැගින් ද මිලදී ගැනීමට තීරණය කර තිබේ. එසේම මෙසේ මිලදී ගන්නා අල කිලෝවක් ලංකා සතොස අලෙවි කරන්නේ රු.115.00 ක මිලකට බවද අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

එසේම ඉහත සඳහන් මිල ගණන්වලටම අල ගොවීන්ගෙන්, අල මිලදී ගන්නා ලෙස අනෙකුත් පුද්ගලික අංශයේ සුපිරි වෙළෙඳසැල්වලින් ද ජීවන වියදම් කමිටුව ඉල්ලා සිටී.



Recommended Articles