සේවක අර්ථසාධක අරමුදලෙන් සියයට 6ක් කොටස් ආයෝජනයට


සේවක අර්ථසාධක අරමුදලේ 6%ක් කොටස් වෙළෙඳ පොළ ආයෝජනයේ යොදවනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය සතියේ තහවුරු කර තිබුණි.

එම සතිය මැද වෘත්තීය සංගම් නායකයන් කිහිප දෙනෙකු, මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ඇතුළු මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු හමුවී පැවති සාකච්ඡාවකදී මෙම තහවුරු කිරීම සිදුව ඇති බව වාර්තා වේ.

සේවක අර්ථසාධක අරමුදල සම්බන්ධයෙන් වෘත්තීය සංගම් නායකයන් හා මහ බැංකුව අතර පැවති සාකච්ඡා වට කිහිපයෙහි එක් සාකච්ඡාවක් ලෙස මෙය සැලකෙයි.



Recommended Articles