සුරැකුම්පත් හා විනිමය කොමිසම සභාපති ධුරයට විරාජ් දයාරත්න


ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න මහතා පත්කර තිබේ.

මීට පෙර සුරැකුම්පත් හා විනිමය කොමිසමේ වැඩ බලන සභාපතිවරයා වශයෙන් පසුගිය දෙසැම්බර් 03 වැනි දින මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් ඒ.ආර්. දේශප්‍රිය මහතා පත්කර තිබුණේ එතෙක් සභාපති ලෙස කටයුතු කළ රනෙල් ටී. විජේසිංහ මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසුවය.



Recommended Articles