සුරැකුම්පත් වෙළෙඳ පොළ විදෙස් ආයෝජන ඩො.මි.79 ශු. ගෙවීමක්


2019 අප්‍රේල් මාසයේදී රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳ පොළ වෙත වූ විදේශ ආයෝජන ඇ.ඩො.මිලියන 79ක ශුද්ධ ගෙවීමක් වාර්තා කර තිබේ.

සමුච්චිත පදනම මත වසරේ පළමු වැනි මාස හතර තුළදී රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳ පොළ වෙතින් වූ ශුද්ධ ගෙවීම් ඇ.ඩො.මිලියන 27ක් විය.

මේ අතර, ප්‍රාථමික හා ද්විතීයික වෙඝෙළඳ පොළ ගනුදෙනු ඇතුළු කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි විදේශ ආයෝජන අප්‍රේල් මාසයේදී ඇ.ඩො.මිලියන 10ක ශුද්ධ ලැබීමක් වාර්තා කර තිබේ.

නමුත්, සමුච්චිත පදනම මත පළමු මාස හතර තුළ කොළඹ කොටස් වෙළෙඳ පොළ වෙතින් ඇ.ඩො.මිලියන 24ක ශුද්ධ ගෙවීමක් වාර්තා කර තිබේ.



Recommended Articles