සුරැකුම්පත් කොමිසමට සභාපති ලෙස ඒ.ආර්. දේශප්‍රිය පත්කරයි


ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් ඒ.ආර්. දේශප්‍රිය මහතා පත් කර තිබේ.

ඒ. ආර්. දේශප්‍රිය මහතා රාජ්‍ය  සේවයේ වසර 30ක රාජකාරි අත්දැකීම් ඇති නිලධාරියෙකු වන අතර, ඔහු දැනට ශ්‍රී  ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ  නිලධාරියෙකු ලෙස කටයුතු කරයි.

මෙම කාලය අතරතුර රාජ්‍ය අංශයේ විවිධ ක්ෂේත්‍රයන්හි රාජකාරි කටයුතු කර ඇති ඔහු මහා භාණ්ඩාගාරයේ අධ්‍යක්ෂක, අතිරේක අධ්‍යක්ෂක  ජනරාල් වැනි ධුරයන්හි කටයුතු කරනු ලැබීය.

වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍යංශයේ අතිරේක ලේකම් ධුරයේ කටයුතු කළ ඔහු ලංකාවේ කාර්මික හා වෘත්තීය අධ්‍යාපන  හා අධ්‍යාපන පුහුණු අංශයේ (TVET) වෘත්තීය පුහුණු ක්ෂේත්‍රයේ බොහෝ ප්‍රතිසංස්කරණ ඇති කිරීමට පුරෝගාමී වූවෙකි.



Recommended Articles