සියලු සමූපකාර සේවකයන්ට රු.1,000ක මාසික දීමනාවක්


සියලූම සමූපකාර සේවක සේවිකාවන්ට රු.1,000ක මාසික විශේෂ දීමනාවක් ගෙවන ලෙස සමූපකාර සේවක කොමිෂන් සභාව 2018.08.15 දාතමින් 2018/04 දරණ චක‍්‍රලේඛය මගින් සියලුම සමූපකාර වෙත දන්වා තිබේ. එම දීමනාව 2018 ජුලි 07 වැනිදා සිට ක‍්‍රියාත්මක වන පරිදි ගෙවන බව කියයි.

මේ අනුව රට පුරා සමූපකාර සේවයේ නියුතු සේවක සේවිකාවන් 65,000කට පමණ මෙම විශේෂ දීමනාව මාසිකව හිමිවන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසයි.



Recommended Articles