සනීපාරක්ෂක තුවා මත වූ සියයට 30 සෙස් බදු ඉවතට


ආනයනික සනීපාරක්ෂක තුවා කිලෝ ග්‍රෑමයක්සඳහා මෙතෙක් අයකරන ලද 30%ක් හේ රු.300ක් යන සෙස් බද්ද වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර තිබේ.

මීට පෙර, සනීපාරක්ෂක තුවා ආනයනය කිරීමේදී කිලෝග්‍රෑමයක් සඳහා එහි විටිනාකමින් 30%ක් හෝ රු.300ක් යන දෙකින් වැඩි අගය සෙස් බද්ද ලෙස අයකරනු ලැබූ බව මුදල් අමාත්‍යාංශය කියයි.

මෙයට අමතරව, වැට් බදු, වරාය ගාස්තු සහ ජාතිය ගොඩනැගීමේ ගාස්තුද මීට අදාළ වූ බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.



Recommended Articles