සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නව සභාපති ජගත් පී විජේවීර


ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිළධාරියකු වූ විශ්‍රාමික ජගත් පී. විජේවීර මහතා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස  මුදල් අමාත්‍යවරයා විසින් පත්කර තිබේ.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිළධාරියකු ලෙස පත්වීම් ලබමින් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ ජගත් පී. විජේවීර මහතා වසර 35ක් රාජ්‍ය පරිපාලනය පිළිබඳව අත්දැකිම් ලද අයෙකි.

සිය වෘත්තීය ජීවිතය තුළ විවිධ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු  ධුරයන් හොබවා ඇති ජගත් මහතා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා ලෙසද සේවය කර ඇත.



Recommended Articles