සංචාරක පැමිණීම් ජුනි මාසයේදී 63072ක් දක්වා ක්‍රමික වර්ධනයක්


පාස්කු ඉරිදා ප්‍රහාරයේ බලපෑමෙන් පසුව 2019 ජුනි මාසයේදී සංචාරක පැමිණීම් ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඒ අනුව, 2019 මැයි මස වාර්තා වූ සංචාරක පැමිණීම් සංඛ්‍යාව වන 37,802ට සාපේක්ෂව ජුනි මාසයේදී සංචාරක පැමිණීම් 63,072ක් දක්වා 66.8%ක වර්ධනයක් පෙන්වා තිබේ.

කෙසේ වෙතත්, 2019 ජුනි මාසයේ සංචාරක පැමිණීම් සංඛ්‍යාව පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව 57.0%කින් පහත වැටී තිබුණි.

ප්‍රධාන වශයෙන් ඉන්දියාව, චීනය, එක්සත් රාජධානිය සහ ඔස්ට්‍රේලියාව වැනි රටවලින් පැමිණෙන සංචාරකයන් අඩුවීම මීට ප්‍රධාන වශයෙන් බලපා තිබුණි.



Recommended Articles