ශිල්ප සේනා ප්‍රදර්ශනයේදී SMEs සඳහාම EDB ප්‍රදර්ශන කුටි 10ක්


ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය 2017 - 2020 කාල සීමාව තුළ පළාත් මට්ටමින් නව ව්‍යවසායකයින් 2,000ක් අපනයනකරුවන් ලෙස බිහිකිරීමේ ජාතික වැඩසටහනක් දියත් කර තිබේ.

එම පරිවර්තනීය වෙනසට සහයෝගයක් ලෙස පසුගියදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ශිල්ප සේනා විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ ප්‍රදර්ශනයේදී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය වෙනුවෙන් අපනයන සංවර්ධන මණ්ඩලයෙහි ප්‍රාදේශීය සංවර්ධන අංශය විසින් කුටි 10ක් සංවිධානය කර ඇත.

ප්‍ර‍දර්ශනයෙන් පසුව සිදු කරනලද ඇගයීමට අනුව වෙළෙඳ විමසීම් 50කට වැඩි ප්‍රමාණයක් ප්‍රදර්ශකයන්ට ලැබී ඇති අතර, රුපියල් මිලියනයකට අධික ස්ථානීය විකුණුම් වාර්තා වී තිබේ.



Recommended Articles