ශ්‍රී ලාංකේය කුළු බඩු සිතුවම් රැගත් මුද්දර 4ක නිකුතුවක්


කුරුඳු, ගම්මිරිස්, කරාබු නැටි සහ සාදික්කා යන කුළු බඩුවල සිතුවම් ඇතුළත් රු.15 බැගින් වූ මුද්දර හතරක් නිකුත් කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන කුළු බඩු වර්ග හතරක සිතුවම් නිරූපිත මුද්දර සහ සිහිවටන ප්‍රතිකාවක් එළැඹෙන පෙබරවාරි 26 වැනිදා පස්වරු 1.30ට ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයා ගමගේ හා තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්. එස්. අබ්දුල් හලීම් යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, සුහුරුපාය, 16 වැනි මහලේ පිහිටි ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී එළි දැක්වීමට නියමිතය.



Recommended Articles