ශ්‍රී ලංකා මහ බැංකුවට ඩිජිටල් විශිෂ්ටතා ජනාධිපති සම්මානය


ජාතික ඩිජිටල් මෙහෙයුම් සැලසුම එළිදැක්වීමේ උත්සවයේදී ඩිජිටල් විශිෂ්ටතා ජනාධිපති සම්මානය ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ප්‍රදානය කෙරිණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය ජුනි 11දා නෙළුම් පොකුණ පරිශ්‍රයේදී මෙම උත්සවය පැවැත්විණි.

ශ්‍රී ලංකාව ඩිජිටල් ආර්ථිකයක් කරා යන ගමනේදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දක්වන ලද විශිෂ්ට දායකත්වය අගයනු වස් මෙම සම්මාන ප්‍රදානය සිදුකර තිබුණි. ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය මෙම උත්සවය සංවිධානය කළේය.



Recommended Articles