ශ්‍රී ලංකා-ඉන්දීය ජාතික දින සැමරුම කොළඹදී උත්සවශ්‍රීයෙන් පැවැත්වේ


ශ්‍රී ලංකා - ඉන්දියා සමාජය විසින් ශ්‍රී ලංකාවේ 71 වැනි නිදහස් දිනය හා ඉන්දියාවේ 70 වැනි ජනරජ දිනයට සමගාමීව ශ්‍රී ලංකා-ඉන්දීය ජාතික දින සැමරුම පසුගිය පෙබරවාරි 10දා කොළඹදී සමරනු ලැබීය.

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර, ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු මහතා විශේෂ ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.

මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය, විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක මහතා, ශ්‍රී ලංකා - ඉන්දියා සමාජයේ සභාපති ටී.එස්. ප්‍රකාශ්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ තවත් සම්භාවනීය අමුත්තන් රැසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.



Recommended Articles