ශ්‍රී ලංකන් දෙවැනි වරටත් APEX Four Star ඇගයුම් සම්මාන ලබයි


ශ්‍රී ලංකන් ගුවන්  සමාගම දෙවැනි වරටත් ගුවන් මගීන්ගේ ප්‍රතිචාර මත ඇගයුම් කර සම්මාන ලබාදීමේ වැඩසටහන වන ගුවන් සේවා මගී අත්දැකීම් සංගමයේ (Airline Passenger Experience Association (APEX)  සම්මාන උළෙලේදී  තරු හතර පංතියේ  (Four Star) සේවා ඇගයුම් (Four Star) ලැබීමට පසුගියදා සමත් වී තිබේ.

APEX  සංවිධානය (www.apex.aero) යනු ලෝකයේ ලාභ ඉපයීම අරමුණු කර නොගත් ගුවන් සේවා මගී අත්දැකීම වැඩිදියුණු කිරීම සඳහා කැපවීමෙන් කටයුතු  කර සිටින සංවිධානයකි.

ලොව පුරා සිටින ගුවන් මගීන්  විසින් ඔවුන්ගේ සමස්ත ගුවන් ගමන් අත්දැකීම ඇගයීමට ලක්කිරීමෙන් මෙම ඇගයුම ලබාදෙන අතර, ඊට ආසන සුවපහසුව, ගුවන් මැදිරි සේවාව, ආහාර පාන, විනෝදාස්වාදක පද්ධතිය සහ Wi-Fi සේවාව ඇතුලත් වී තිබේ. මෙම සමස්ත ගුවන් මගී ඇගයුම් එක් එක් ගුවන් සේවා ඇගයීමට ලක්කිරීමට පෙර  APEX  විසින් පත්කරන ලද බාහිර විගණන සේවා ආයතනයක් විසින් සහතික කරනු ලැබේ.

APEX මගින්  තරු හතර පංතියේ  සේවා ඇගයුම් ගුවන් සමාගම වෙත පිරිනැමීමට අමතරව ශ්‍රී ලංකන් ප්‍රචාරක වීඩියෝ දැන්වීමක් වන “ශ්‍රී ලංකන් හා එක්ව ශ්‍රී ලංකාවට චමත්කාර ගමනක්” (“Epic Journey of Sri Lanka on SriLankan) සඳහා විශිෂ්ට මුල් වීඩියෝව කාණ්ඩය යටතේ ප්‍රමුඛ ගුවන් සේවා වන කටාර් එයාර්වේස්, එමිරේට්ස්, සිංගප්පූරු ගුවන් සේවය, එයාර් නිව්සීලන්ඩ් සහ කැතේ පැසිෆීක් අභිභවා යමින් විශේෂ ඇගයුමට ලක්කර ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම වැඩිදුරටත් පවසයි.



Recommended Articles