ශ්‍රී ලංකන් ගුවන් සේවය තෛපොංගල් සමරයි


ලොව පුරා වෙසෙන හින්දු බැතිමතුන් සූර්යය වන්දනාව මූලික කරගනිමින් අස්වනු නෙලීමේ මංගල්‍යය ලෙස සැලකෙන තෛපොංගල් උත්සවය, ශ්‍රී ලංකන් ගුවන් සේවය කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී මහත් බැතියෙන් සැමරූ බව දැනුම් දෙයි.

මෙහිදී, ගුවන් තොටුපොළට පැමිණීමේ සහ පිටවීමේ දොරටු වෙත යන මගීන් වෙත ගුවන් තොටුපළේ ශ්‍රී ලංකන් කාර්ය මණ්ඩලය සුබ පැතුම් එක්කර ඇත. තවද, ගුවන් තොටුපළෙහි ශ්‍රී ලංකන් සෙරන්ඩිබ් ව්‍යාපාරික පන්තියේ විවේකාගාරය සහ සෙරන්ඩිවා විවේකාගාරය අසල විවිධ වර්ණයෙන් යුතු කෝලම් රටා නිර්මාණය කිරීමට සහ ගුවන් මගීන් වෙත පොංගල් බත සංග්‍රහ කිරීමටද කටයුතු කර තිබේ.



Recommended Articles