විදේශ ප්‍රේෂණ 2018 දී ඇ.ඩො.බි. 7ක් දක්වා සියයට 2.1ක අඩුවීමක්


2018 වසරේ දෙසැම්බර් මාසයේදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ 13.0%කින් පහළ යෑමත් සමග 2018 වසරේදී ඇ.ඩො.බිලියන 7ක් දක්වා 2.1%කින් සුළු අඩුවීමක් වාර්තා කර තිබේ.

ඒ අනුව, දෙසැම්බර් මාසයේදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව ඇ.ඩො.මිලියන 584ක් දක්වා 13.0%කින් අඩුවී තිබේ.

එමෙන්ම, සමුච්චිත විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ 2017 වසරේ වාර්තා වූ ඇ.ඩො.මිලියන 7,164 ට සාපේක්ෂව, 2018 වසරේදී ඇ.ඩො.මිලියන 7,015ක් දක්වා 2.1%කින් පහළ ගොස් ඇති බව මහ බැංකු දත්ත පෙන්වා දෙයි.



Recommended Articles