විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ සහයෝගයෙන් කටයුතු කිරීම සඳහා කොරියාව කැමතියිලු


ශ්‍රී ලංකාවේ ආයෝජන ඉඩප්‍රස්ථා, මෙරට සංවර්ධන වැඩසටහන් සහ වෘත්තීය පුහුණු ක්ෂේත්‍රයේ කිරීමට නියමිත වෙනස්කම් යනාදිය ගැන දකුණු කොරියාවේ අවධානය යොමුව තිබේ.

විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ උඩරට උරුමය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම සහ ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති ලී හෙඔන් යන මහත්වරුන් අතර එම අමාත්‍යාංශයේදී පැවති හමුවකදී මේ පිළිබඳ දීර්ඝව සාකච්ඡා කර ඇත.

එමෙන්ම කොරියාව, විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ කටයුතුවලදී ශ්‍රී ලංකාව සමග ඉතා සහයෝගයෙන් කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බවද කොරියානු තානාපතිවරයා මෙහිදී අමාත්‍යවරයා සමග පැවසූ බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

මෙම අවස්ථාවට කොරියානු තානාපති කාර්යාලයේ පළමු ලේකම් ක්වොන් මියොන් මෙනවිය සහ අමාත්‍යාංශ ලේකම් සන්ධ්‍යා විජේබණ්ඩාර මහත්මියද සහභාගී වී තිබේ.

1_Sarath



Recommended Articles