ව්‍යවසාය 2019 අධ්‍යාපන සහ අලෙවි ප්‍රදර්ශනය 29 - 31 දක්වා


ශ්‍රී ලංකාවේ සුළු පරිමාණ ව්‍යාපාරික ප්‍රජාව සවිමත් කොට ඔවුන්ට තම ක්ෂේත්‍ර‍න්හි ශක්තිමත්ව නැගී සිටීමට අතහිතදීම වත්මන් රජයේ මුඛ්‍ය පරමාර්ථය වන බව අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍ර‍ධානී, වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසූයේ ඊයේ (29ද) පෙරවරුවේ බණ්ඩාරනායක සම්මන්ත්‍ර‍ණ ශාලාවේ පැවති  ව්‍යවසාය  2019 අලෙවි හා අධ්‍යාපනික ප්‍ර‍දර්ශනයේ ප්‍ර‍ධාන ආරාධිතයා වශයෙන් එක්වෙමිනි.

ජාතික ප්‍ර‍තිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපනය, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශයේ කුඩා ව්‍යාපාර අංශය මගින් මෙම ප්‍රදර්ශනය සංවිධානය කරයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසූයේ, කුඩා පරිමාණයෙන් ආරම්භ කරනු ලබන දේශීය නිෂ්පාදන අලෙවිය හා ප්‍ර‍වර්ධනය සම්බන්ධයෙන් ව්‍යවසායකයන්ගේ දැනුම වර්ධනය කොට එම නිෂ්පාදන දේශීය වශයෙන් මෙන්ම, විදේශීය වශයෙන් ද අලෙවි කිරීම දක්වා ඔවුන්ට මගපෙන්වීම හා ශක්තියක් ලබාදීමට රජය මේ වනවිට ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බවයි.



Recommended Articles