ලෝක බොරතෙල් මිල පසුගිය මස අවසානයට සාපේක්ෂව පහළ ගිහින්


ලෝක වෙළෙඳ පොළෙහි බොරතෙල් මිල මෙම මාසය අවසන් වනවිට පසුගිය මාසයේ අවසානයේ පැවති මිලට සාපේක්ෂව යම් පහළ යෑමක් පෙන්නුම් කර තිබේ.

ලෝක බොරතෙල් මිලෙහි දත්ත අනුව, බ්‍රෙන්ට් වර්ගයේ තෙල් බැරලයක මිල මෙම ජූලි 27දා පෙන්නුම් කර තිබුණේ ඇ.ඩොලර් 74 ශත 29ක් ලෙසිනි. කෙසේ වෙතත්, පසුගිය ජූනි මාසයේ 29දා බ්‍රෙන්ට් බැරලයක මිල ඇ.ඩො.79 ශත 44 ලෙස පැවතිණි.

එමෙන්ම, ඇමෙරිකානු ඩබ්.ටී.අයි. බොරතෙල් බැරලයක මිල මෙම ජූලි 27දා ඇ.ඩොලර් 68 ශත 69ක් ලෙස සටහන් විය. එම තෙල් බැරලයක මිල පසුගිය ජූනි මස 29දා පෙන්නුම් කළේ ඇ.ඩො. 74 ශත 15ක් ලෙසිනි.

මේ අනුව, යම් විචලනයන් පැවතියත් පසුගිය මාසයට සාපේක්ෂව ලෝක බොරතෙල් මිලෙහි සුළු පහළ යෑමක් දක්නට ලැබේ.



Recommended Articles