ලාහෝර් - කරච්චි දක්වා ගුවන් ගමන් අත්හිටවූවා - ශ්‍රී ලංකන්


පාකිස්තාන සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් සිය ගුවන් සීමා තාවකාලිකව වසා දැමීමත් සමග පාකිස්තානයේ කරච්චි සහ ලාහෝර් දක්වා පිටත්ව යෑමට තිබූ ශ්‍රී ලංකන් ගුවන් ගමන් අත්හිටුවන බව ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසයි.

ඒ අනුව, මෙම ගමනාන්ත වෙත ගුවන් ගමන් වෙන්කරවා ගත් මගීන් තම සංචාරක ඒජන්සි වෙත ඇමතීමෙන් හෝ www.srilankan.com  වෙබ් අඩවියට පිවිසීමෙන් වැඩිදුර තොරතුරු ලබාගන්නා ලෙස ශ්‍රී ලංකන් ගුවන් සේවය වැඩිදුරටත් ඉල්ලා සිටියි.



Recommended Articles