ලක්ෂ්‍යමය උද්ධමනය සියයට 7ක් දක්වා පහළට


ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 පෙබරවාරි මාසයේ පැවති 8.1% සිට මාර්තු මාසයේදී 7% දක්වා පහළ ගොස් තිබේ.

ආහාර කාණ්ඩයෙහි අයිතමවල මිල ගණන්හි සිදුවූ මාසික පහළ යෑම මේ සඳහා හේතු වී ඇති අතර, පෙබරවාරි මාසයේදී 16.3%හි පැවති ආහාර කාණ්ඩයෙහි ලක්ෂ්‍යමය උද්ධමනය පෙබරවාරියේදී 14.1% දක්වා පහළ ගොස් ඇත. එමෙන්ම ආහාර නොවන කාණ්ඩයෙහි මාර්තු මාසයේ ලක්ෂ්‍යමය උද්ධමනය 1.8%ක් විය.

එමෙන්ම වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි වෙනස, 2020 පෙබරවාරි මාසයේ පැවති 4.5% සිට මාර්තු මාසයේදී 4.9% දක්වා ඉහළ ගොස් තිබේ.



Recommended Articles