ලංකා බැංකු ලොකු පුටුවට කාංචන


ශ්‍රී ලංකාවේ විශාලතම රාජ්‍ය වාණිජ බැංකුව වන ලංකා බැංකුවේ සභාපති ධුරයට ජ්‍යෙෂ්ඨ නීතිඥ කාංචන රත්වත්තේ මහතා පත්කර තිබේ.

කාංචන රත්වත්තේ මහතා වෘත්තියෙන් නීතිඥයෙකු වන අතර, ඔහු කොළඹ විශ්වවිද්‍යාලයෙන් එල්එල්.බී උපාධිධරයෙකි.

තොරතුරු තාක්ෂණය, සිකියුරිට් ප්‍රින්ටින්, මෘදුකාංග සංවර්ධනය, බීපීඕ සේවා, රක්ෂණ තැරැව්කාර හා සුරැකුම්පත් යන ක්ෂේත්‍රවල පෞද්ගලික අංශයේ ව්‍යාපාර කිහිපයක අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස ඔහු පුළුල් අත්දැකීම්වලින් සපිරි වෘත්තියවේදියෙකි.

එමෙන්ම, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සහ ලංකා නැව් සංස්ථාවේ සභාපති යන තනතුරුද කාංචන රත්වත්තේ මහතා සිය වෘත්තීය දිවිය තුළ හොබවා තිබේ.



Recommended Articles