රුපියල තවත් කඩා වැටේ ඩොලරය 201.93 ක් වෙයි


ශ්‍රී ලංකාවේ මූල්‍ය ඉතිහාසය තුළ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල මෙතෙක් වාර්තා වූ ඉහළම අගය ලෙස රු.201.93ක් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ දෛනික විනිමය අනුපාත සටහනට අනුව අද (30දා) වාර්තා කර තිබේ.

එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් මිල මීට පෙර ඉහළම අගය සටහන් වූයේ රු.201.77ක් ලෙස ඊයේ (29දා) දිනයේදීය.

එමෙන්ම මහ බැංකුව නිකුත් කළ දත්තයන්ට අනුව ඩොලරයේ ගැනුම් මිල රු.196.83ක් ලෙස අද දිනයේ සටහන් විය.



Recommended Articles