රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳ පොළේ ඩො.මිලියන 33ක ශුද්ධ ගෙවීමක්


රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳ පොළ වෙතින් විදේශීය ආයෝජන ඇ.ඩො.මිලියන 33ක ශුද්ධ ගෙවීමක් 2019 ජූලි මාසයේදී වාර්තා කර තිබේ.

එමෙන්ම, සමුච්චිත පදනම මත වසරේ පළමු වැනි මාස හත තුළදී රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳ පොළ වෙතින් වූ ශුද්ධ ගෙවීම් ඇ.ඩො.මිලියන 129ක් දක්වා වර්ධනය වී ඇත.

මේ අතර, ප්‍රාථමික හා ද්විතීයික වෙළෙඳ පොළ ගනුදෙනු ඇතුළුව කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි විදේශීය ආයෝජන, 2019 වසරේ ජූලි මාසයේදී ඇ.ඩො.මිලියන 44ක ශුද්ධ ලැබීමක් වර්තා කර ඇත.

ඒ අනුව, 2019 වසරේ පළමු වැනි මාස හත තුළදී කොළඹ කොටස් වෙලෙඳ පොළ වෙත ඇ.ඩො.මිලියන 34ක ශුද්ධ ලැබීමක් වාර්තා කර තිබේ.



Recommended Articles