රාජ්‍ය දැව සංස්ථාව ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලබයි


ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ 2018 ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී රාජ්‍ය නිෂ්පාදන අංශය වෙනුවෙන් පිදෙන රන් සම්මානය මෙවරද රාජ්‍ය දැව සංස්ථාව විසින් හිමි කරගෙන තිබේ.

විෂයභාර අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත එම සම්මානය ඉදිරිපත් කිරීම ඊයේ (12දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

රාජ්‍ය දැව සංස්ථාව විසින් මෙම සම්මානය දිනාගත් තෙවැනි අවස්ථාව මෙය වන අතර, සංස්ථාවේ කාර්යභාරය මෙහිදී ජනාධිපතිතුමාගේ ඇගැයීමට ලක් කෙරිණි.

රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා විසින් සම්මානය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූ අතර ක්‍රියාකාරී අධ්‍යක්ෂ එම්.වයි.ටී. පවර කුමාර මහතා ඇතුළු නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



Recommended Articles