රටට ප්‍රථම ජෛව තාක්ෂණ නවෝත්පාදන උද්‍යානයක්


ශ්‍රී ලංකා ජෛව තාක්‍ෂණ ආයතනය (SLIBTEC) මෙරට ප්‍රථම ජෛව තාක්‍ෂණ නවෝත්පාදන උද්‍යානය පිහිටුවමින්, ජෛව තාක්ෂණ අංශයේ නවෝත්පාදනයන් ප්‍රවර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) සමග සහයෝගීතාවකට එලැඹ තිබේ.

SLIBTEC හි මෙම ජෛව තාක්ෂණ නවෝත්පාදන උද්‍යානය හෝමෝගම, පිටිපන ප්‍රදේශයේ අක්කර 13.2ක භූමි ප්‍රමාණයකින් සමන්විත වන අතර, එමගින් ඉහළ මට්ටමේ ජෛව තාක්‍ෂණ නවෝත්පාදන සහ නිෂ්පාදන ආයතන සඳහා පහසුකම් සලසනු ඇත. එමෙන්ම, Biopharma, Biofuel, Agro Biotech සහ අනෙකුත් නැගීඑන ක්ෂේත්‍රවල පර්යේෂණවල මූලික ක්ෂේත්‍ර සමග ස්ථානීය පර්යේෂණ පහසුකම්, මධ්‍යගත බහුවිධ පර්යේෂණ සහ සේවා පහසුකම්ද සපයනු ඇත. එහිදී, ජෛව නවෝත්පාදනය හරහා SLIBTEC විසින් ශ්‍රී ලංකාවේ අධි තාක්‍ෂණික අපනයන අවම වශයෙන් 1%කින් ඉහළ නැංවීමට අපේක්ෂා කරයි.

USAID හි හවුල්කාර ව්‍යාපෘතිය සමග සහයෝගීතා ලිපියක් අත්සන් කිරීමෙන් අනතුරුව භාණ්ඩාගාර ලේකම් සහ SLIBTEC හි සභාපති එස්.ආර්. ආටිගල මහතා ප්‍රකාශ කළේ, &SLIBTEC උද්‍යානය සහ SLIBTEC පර්යේෂණ පහසුකම බහුවිධ පර්යේෂණ සහ උසස් ජෛව තාක්‍ෂණය සඳහා ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තරව දොරටු විවෘත කරන බවයි. සංවර්ධනයක්. මෙය වෛද්‍ය, කෘෂිකාර්මික සහ කාර්මික අංශ ඇතුළුව ජෛව තාක්‍ෂණයේ සියලුම ක්ෂේත්‍රවල නවෝත්පාදනයන් සඳහා පහසුකම් සැලසීම සහ ප්‍රවර්ධනය කරනු ඇත. මෙමගින් තිරසාරභාවය සඳහා නව යුගයක් උදාවනු ඇති අතර, තාක්ෂණික වශයෙන් වඩාත් දියුණු ජාතියක් නිර්මාණය කිරීමට පහසුකම් සැලසෙනු ඇත.

උද්‍යානයේ සංවර්ධනයට සහාය වීම සඳහා මුදල් අමාත්‍යාංශය USAID සමග සමීපව කටයුතු කරමින් ඉදිරි වසර දෙක සඳහා USAID හි PARTNER ව්‍යාපෘතිය හරහා තාක්ෂණික විශේෂඥතාව සුරක්ෂිත කිරීමට කටයුතු කරනු ඇති බව කියයි. ජාත්‍යන්තර හොඳම භාවිතයන් මත පදනම් වූ නවීන ව්‍යාපාර ආකෘතියක් සංවර්ධනය කිරීමට උපකාරී වන මෙහෙයුම් රාමුව සංවර්ධනය කිරීම සඳහා SLIBTEC මෙම සහාය භාවිත කරන බවත්, PARTNER ව්‍යාපෘතිය මගින් උද්‍යාන සැලසුම් කිරීම, පර්යේෂණ කළමනාකරණ ප්‍රතිපත්තිය සහ පුහුණු අවස්ථා වැනි ක්ෂේත්‍ර සඳහාද සහාය ලබාදෙනු ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.

SLIBTEC (Pvt) Ltd 2020 ඔක්තෝම්බර් මාසයේදී රජය සතු ආයතනයක් (www.slibtec.gov.lk) ලෙස සංස්ථාපිත කර ඇත. මහා භාණ්ඩාගාරය මෙම සමාගමේ එකම කොටස් හිමියා වන අතර, මුදල් අමාත්‍යාංශයේ ලේකම් SLIBTEC හි සභාපති ධුරය හොබවයි.



Recommended Articles