මැයි මස උද්ධමනය සුළු පහළ යෑමක් - ජා.ප.මි.ද. ඉහළ යෑමක්


ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, පෙර වසරේ අනුරූප මාසයේ පැවති ඉහළ පදනම් අගය හේතුවෙන් 2019 අප්‍රේල් මස පැවති 3.6% සිට මැයි මාසයේදී 3.5% දක්වා සුළු පහළ යෑමක් පෙන්නුම් කර තිබේ.

මේ අතර, 2019 මැයි මාසයේදී ආහාර සහ ආහාර නොවන කාණ්ඩයන්හි ලක්ෂ්‍යමය උද්ධමන අගයන් පිළිවෙළින් -0.4%ක් සහ 6.7%ක් ලෙස වාර්තා වී ඇත.

වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජා.පා.මි. දර්ශකයෙහි වෙනස, 2019 අප්‍රේල් මාසයේ පැවති 1.9% සිට මැයි මාසයේදී 2.0% දක්වා සුළු වශයෙන් ඉහළ ගොස් තිබේ.



Recommended Articles