මැයි මස උද්ධමනය ඉහළට


කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමන, 2021 අප්‍රේල් මාසයේ පැවති 3.9% සිට මැයි මාසයේදී 4.5%ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ආහාර මෙන්ම ආහාර නොවන කාණ්ඩයේ අයිතමවල මිල ගණන්හි සිදුවූ ඉහළ යෑම මේ සඳහා හේතු වී ඇත. එහිදී ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය අප්‍රේල් මස පැවති 9.0% සිට මැයි මාසයේදී 9.9% දක්වා ඉහළ ගොස් ඇති අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය අප්‍රේල් මස පැවති 1.8% සිට 2.2%ක් දක්වා ඉහළ ගොස් තිබේ.



Recommended Articles