මහජන බැංකුවෙන් ණය සහන ඉල්ලා සිටීමට ඔබට අවස්ථාව


වර්තමානයේ කොවිඩ්-19වෛරසය හේතුවෙන් රට තුළඋද්ගතව ඇති තත්ත්වය තුළ රජයේ උපදෙස් පරිදි කි‍්‍රයාත්මක ණය සහන ලබාදෙන මහජන බැංකුවේ ගනුදෙනුකාර භවතුන්ගේ දත්ත එක්රැස් කිරීම සඳහා අයදුම්කරුගේ නම, ජාතික හැඳුනුම්පත් අංකය, ජංගම හෝ ඉතුරුම් ගිණුම් අංකය හා ලබාගත් ණය මුදලේ ප‍්‍රමාණය 2020 අපේ‍්‍රල් මස 30 වැනි දිනට පෙර 0706 481481හෝ 0768 481481 යන අංකයන්ට කෙටි පණිවුඩ, වයිබර්, වට්ස්ඇප් හෝ ඉමෝ යන සේවා ඔස්සේ යොමුකරන මෙන් මහජන බැංකුව දන්වා සිටියි.

මෙම තොරතුරු [email protected] යන ඊ මේල් ලිපිනයට මෙන්ම www.peoplesbank.lk/sahana වෙබ් අඩවියට පිවිස online අයදුම්පතක් මගින්ද යොමුකළ හැකිය. එමෙන්ම ඔබට හැකි අවස්ථාවකදි ණය සහන ලබාදෙන මෙන් ලිඛිත ඉල්ලිමක්ද ඔබ ණය මුදල ලබාගත් ශාඛාව වෙත ඉදිරිපත් කළ යුතුය.



Recommended Articles