මහ බැංකු මුදල් ප්‍රතිපත්තිය දැඩි කරයි - පොලී ඉහළට


ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය සිය මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය දැඩි කරමින්,  නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් අංක 100 බැගින් පිළිවෙළින්, 6.50% සහ   7.50% දක්වා ඉහළ නංවා තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (03දා) පැවති මුදල් මණ්ඩල රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇත.

එමෙන්ම, බැංකු අනුපාතිකය, නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සමග ස්වයංක්‍රීයවම ගැලපුම් කරමින් 10.50%ක් දක්වා වැඩිවනු ඇත. එනමුදු,  ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය පවතින 4.00% මට්ටම තුළම පවත්වා ගෙන යාමට මුදල් මණ්ඩලය වැඩිදුරටත් තීරණය කර තිබේ.

මීට අමතරව, ණය කාඩ්පත් මත අය කළ පොලියද 20%ක් දක්වා ඉහළ දමා ඇති අතර, ඉන්ධන මිල සහ විදුලිය ගාස්තු ඉහළ දමන ලෙස රජයට නිර්දේශ ඉදිරිපත් කර තිබේ.



Recommended Articles