මහ බැංකු පොලී අනුපාත පවතින මට්ටමේම රඳවයි


ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, 2022 ඔක්තෝම්බර් 05 වැනි දින පැවති රැස්වීමේදී මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙළින් දැනට පවතින 14.50% සහ 15.50% යන මට්ටමේ පවත්වා ගැනීමට තීරණය කර තිබේ.

නවතම සාර්ව ආර්ථික තත්ත්වයන්, අපේක්ෂිත වර්ධනයන් සහ සාර්ව ආර්ථික පුරෝකථනයන් සලකා  බලමින් මුදල් මණ්ඩලය මෙම තීරණයට පැමිණි බව මහ බැංකුව නිවේදනය කරයි.



Recommended Articles