මහ බැංකු පොලී අනුපාත දැනට පවතින මට්ටමේම රඳවා ගනියි


ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේම පවත්වා ගැනීමට 2018 ඔක්තෝබර් 01වැනිදා පැවති රැස්වීමේදී මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ අනුව, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙළින් 7.5% සහ 8.5% මට්ටමේම පවතී.

මැදිකාලීන වශයෙන් උද්ධමනය මැදි තනි අගයක මට්ටමේ ස්ථාවර කිරීම සහ එමගින් ශ්‍රී ලංකා ආර්ථිකයේ තිරසර සංවර්ධනයක් පවත්වාගැනීම සඳහා මෙම තීරණය ඉවහල් වනු ඇති බව මහ බැංකුව කියයි.

 



Recommended Articles