ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙළින් සියයට 6.00 සහ 7.00 දක්වා පදනම් අංක 25කින් 2020 අප්‍රේල් මස 03 වැනි දින ව්‍යාපාර කටයුතු අවසාන වන වේලාවේ සිට බලපැවැත්වෙන පරිදි අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය අද (03දා) තීරණය කර තිබේ.
මහ බැංකු පොලී අනුපාත
තවදුරටත් අඩු කරයි
නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 6% දක්වාත්, නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 7% දක්වාත් අඩු කරයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙළින් සියයට 6.00 සහ 7.00 දක්වා පදනම් අංක 25කින් 2020 අප්‍රේල් මස 03 වැනි දින ව්‍යාපාර කටයුතු අවසාන වන වේලාවේ සිට බලපැවැත්වෙන පරිදි අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය අද (03දා) තීරණය කර තිබේ.
මෙම තීරණය මගින් වෙළෙඳ පොළ තත්ත්වයන් ලිහිල් කිරීම සඳහා දැනටමත් ගෙනඇති ක්‍රියාමාර්ග සඳහා සහායක් ලැබෙන බවත්, කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරස ගෝලීය වසංගතය මගින් සහ එය රට තුළ තවදුරටත් පැතිරයාම පාලනය කිරීම සඳහා ගෙනඇති ක්‍රියාමාර්ග මගින් බලපෑමට ලක්වූ ව්‍යාපාර සහ පුද්ගලයන වෙත දේශීය මූල්‍ය වෙළෙඳ පොළ මගින් තවදුරටත් සහන සැලසීමට අවකාශය ලැබෙන බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
පෙර සැලසුම් කර තිබූ පරිදි 2020 අප්‍රේල් මස 09 වැනි දිනට නියමිත මුදල් ප්‍රතිපත්ති නිවේදනය සිදු නොවන බව පවසන මහ බැංකුව, එහෙත් මුදල් මණ්ඩලය විසින් ආර්ථික හා වෙළෙඳ පොළ ප්‍රවණතා සලකා බලා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය ඕනෑම විටෙකදී විවරණය කර අවශ්‍ය වෙනස්කම් කිරීම් අදාළ පරිදි සිදුකරනු ඇති බවද පෙන්වා දෙයි.