මහ බැංකු ප්‍රතිපත්ති පොලී අනුපාත පහළ දමයි


ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික පහළ දැමීමට මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ අනුව, මෙතෙක් පැවති නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය 8.00% සිට 7.50% දක්වාද, නිත්‍ය ණය පහසුකම් අනුපාතය 9.00% සිට 8.50% දක්වාද අඩු කිරීමට කටයුතු කර තිබේ.

ඊයේ (30දා) රැස්වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන තිබේ. මේ අනුව, ඉදිරියේදී වාණිජ බැංකුවල පොලී අනුපාතවල පහළ යෑමක් බලාපොරොත්තු විය හැකිය.



Recommended Articles