බිංගිරිය අපනයන සැකසුම් කලාපය ඉදිකිරීම් මාර්තු 4දා ආරම්භ කෙරේ


ශ්‍රී ලංකාව තුළ ඉදිවන විශාලතම අපනයන සැකසුම් කලාපය වන බිංගිරිය අපනයන සැකසුම් කලාපය ඉදිකිරීම ආරම්භ කිරීම මාර්තු 04දා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

එහි ආරම්භක කටයුතු සොයා බැලීම සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පසුගියදා සංචාරය කළේය.

සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බංඩාර ජයමහ, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂ ඒ.කේ.ඒ.මහින්ද යන මහත්වරුද මෙම අවස්ථාවට එක්වූහ.



Recommended Articles