බදු ප්‍රතිලාභ අන්තර්ජාලයෙන් ගෙවීම ගැන එක්දින වැඩමුළුවක්


බදු ප්‍රතිලාභ අන්තර්ජාලය හරහා ගෙවීම සම්බන්ධව එක්දින වැඩමුළුවක් ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සංවිධානය කර තිබේ.

ඒ අනුව, 2019 පෙබරවාරි 14දා පෙ.ව.8.30 සිට ප.ව.4.30 දක්වා අංක 450, ඩී.ආර්. විජයවර්ධන මාවත, කොළඹ 10 පිහිටි ජාතික වාණිජ මණ්ඩල ශ්‍රවණාගාරයේදී මෙම වැඩමුළුව පැවැත්වෙනු ඇත.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ජාතික වාණිජ මණ්ඩලය හා සම්බන්ධ වීමෙන් ලබාගත හැකිය.



Recommended Articles